නිති විරෝධීව රටතුළට ගෙන ඒමට උත්සහ ගත් ජංගම දුරකථන 390ක් සහ පුද්ගලයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මෙම දුරකථන තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 340 කට (මිලියන 34) ආසන්න බවත්, එම ජංගම දුරකථන තොගය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොරව ආනයනය කර ඇති බවත් රේගු අරංචිමාර්ග පවසයි .
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවත් ඔහු අද උදයේ ඩුබායි සිට මෙරටට පැමිණ ඇතිබවත් වාර්තා වේ.