හෙට ඇරඹෙන ගාසා සාම සමුළුව සාර්ථක භාවය ගැන සැකයක් .

ගාසා තීරයේ ගැටුම් අවසන් කර සාමය උදාකිරීම සඳහා වන ගාසා සාම සමුළුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත් වේ.

මැදපෙරදිග කළාපය සඳහා කල්පවතින සාමයක් උදාකිරීම සඳහා තීරණාත්මක ලෙස බලපානා මෙම සමුළුව සඳහා ඇමරිකනු සහ ඊජිප්තු නායකයන්ට අමතරව තවත් රාජ්‍ය නායකයන් 20 දෙනෙකු පමණ සහභාගීවන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගාසා තීරයේ යුධ වැදී සිටිනා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය මෙම සාකච්චාවට සහභාගීවන්නේදැයි මේවන තුරුත් තහවුරු කර නැත . ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව දෙක මෙලෙස සහභාගී නොවීම නිසා සාකච්චා සාර්ථක වීම සඳහා ඇත්තේ ඉතා සීමිත ඉඩක් බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසයි .

බ්‍රිතාන්‍ය, ඉතාලි, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන් මෙන්ම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද සිය සහභාගීත්වය මේ වන විටත් තහවුරු කර ඇත . ඊට අමතරව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් ද මෙම සමුළුවට සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුව බව වාර්තා වේ .