හුතී ප්‍රහාරයට ලක්වූ නෞකාවේ ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙක් . ?

ඉන්දියානු යුද නෞකාවක් වන INS කොල්කටා නෞකාව විසින් හුතී කැරළි කරුවන්ගේ මිසයිල ප්‍රහාරයකට ලක්වූ ඉලක්ක වූ ‘True Confidence’ නැවෙහි කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු බේරා ගෙන තිබේ .

බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද වන බවත්, ඉන් එක් අයෙකු ප්‍රහාරයේදී තුවාල ලබා ඇති බවට වාර්තා ලැබෙනා බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මිහි ශ්‍රි ලාංකිකයන් සේවය කළාද යන්න තව දුරටත් තහවුරු කරගත යුතු බව ඔහු පවසයි.

මෙම සිදුවීම මාර්තු 6 වෙනිදා සිදුව ඇත. බාබඩෝස් ධජය සහිත යාත්‍රා කරමින් තිබූ MV True Confidence නෞකාව ඒඩන් නගරයට නිරිත දෙසින් නාවික සැතපුම් 55ක් පමණ දුරින් ඩ්‍රෝන යානයකින් හෝ මිසයිලයකින් ප්‍රහාරයට ලක් ව ඇත . මෙම ප්‍රහාරයෙන් යානයේ ගින්නක් හටගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇත.