නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලකරමිනුත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (12) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
ඊයේ (10) කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවයි.
දරුවන්ට අවස්ථාවක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට නිසි අවස්ථා නොලැබෙන ප්‍රතිසංස්කරණ මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දී ඇති බවත් මෙම ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම ජාවාරමක් වශයෙන් බව ඔහු එහිදී අදහස් දක්වමින් පැවසීය.
ඊට අමතරව දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙලද මෙම ප්‍රතිසංස්කරණවලට එක්ව තිබීම ඉතා බරපතල කාරණයක් බව පැවසු වීරවංශ මහතා මේ ගැන මුළු රටේම දැඩි අවධානය යොමු කර දරු පරපුර බේරා ගැනීමට කටයුතු කළ යුතු බව පවසා සිටියේය.