හරීන්ට ලොකු තනතුරක්

2023 සිට 2025 දක්වා කාලය සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත් කර තිබේ .

කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සඳහා වන UNWTO කොමිසමේ (CSA) 59 වන රැස්වීමේදී හරීන් ප්‍රනාන්දුට ලබාදුන් නව තනතුර පිළිබඳ නිළ වශයෙන් නිවේදනය කර ඇත .

මේ පිළිබඳව අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලැබීම සංචාරක කර්මාන්තයේ සුවිශේෂී උත්සාහයන් සහ දායකත්වය පිළිබඳ සාක්ෂියක් බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *