හරිනීට එරෙහිව විශ්වාස භංගයක් .

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව මුල්කරගනිමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පැවසීය .

ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීම අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවසීය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ හමුවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවත්, එහිදී මෙම පෙත්සමට අත්සන් ලබාගන්න බවත් ඔහු සඳහන් කළේය .