සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අයවැය පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂය තුළ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි. ඒ 2026 වසර සඳහා වූ අයවැය කෙටුම්පත විවාදයේදී විපක්ෂයේ ආරම්භක කථිකයා වශයෙන් ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනි.
‘භාණ්ඩාගාරය පිරී ඉතිරී යාමට මුදල් ඇත’ යැයි ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විපක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමේදීත් මහත් අසීරුතාවයට පත්වන බව ඔවුන් පෙන්වා දී ඇත.
සජිත් ප්‍රේමදාසට ආර්ථිකය සම්බන්ධයෙන් උපදෙස් දීමට හා ඉදිරි රජයක ආර්ථිකය හැසිරවීමේ කාර්ය බාරදීමට වඩා වගකීම් සහගත පුද්ගලයකු සොයාගත යුතුව ඇති බව සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය හසුරවන්නෝ පවසති .