පලස්තීන හමාස් සංවිධානය වසර ගණනාවකට පසු ඊශ්රායලයට එල්ල කළ ප්රබලතම ප්රහාරය දියත් කර ඇති බව අල්ජසීරා පුවත් සේවය පවසයි. හමාස් ගරිල්ලන් ගාසා තීරයේ සිට ඊශ්රායලයට රොකට් ප්රහාර එල්ල කර ඇති අතර අනතුරුව ඔවුන් ඊශ්රායල නගරවලට ඇතුළුවී ඇත. ගාසා තීරයට යාබද නගර වලට ඇතුළුවූ තුවක්කුකරුවන් එල්ලකළ ක්ෂණික වෙඩි ප්රහාරවලින් පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
සෙනසුරාදා ගාසා තීරය ආසන්නයේ සිදු වූ සටන් පිටුපස ඉරානයේ ආධාර ලබනා හමුදා සිටිනා බව තහවුරුවී ඇති බව ඊශ්රායලය ප්රකාශ කළ අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහු
මෙම සිදුවීමට අනිවාර්යයෙන් ප්රතිප්රහාර එල්ලකිරීමට ප්රතිඥා දී ඇත.