හමාස් ප්‍රහාරයෙන් අනුලා රත්නායක මියගිය බවට ඊශ්‍රායල් තානාපති ගෙන් නිවේදනයක්.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් වී සිටි කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා රත්නායක (ජයතිලක) මහත්මිය අදාල ප්‍රහාරය අතරතුර ජිවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායිල් පොලිසිය දෙපාර්තුමේන්තුවේ ජාත්‍යන්තර අංශය විසින් අද (17) උදෑසන තහවුරු කරන ලද බව ඊශ්‍රායල් තනාපති නිවේදනය කරයි

අදාල දේහය දින දෙකක් තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමට නියමිතය. දේහය හදුනාගැනීමෙන් පසු අයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත් සිදු කිරිම පිළිබඳව තොරතුරු ඉක්මනින්ම ලබාගෙන බව දන්වමි.

අදාල කටයුතු අවසන් වූ වහාම දේහයේ අයගේ පවුලේ සාමාජිකයන් වෙත යැවීමට කටයුතු කරන්න බව තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
එමෙන්ම,
“මෙම ශෝකබර අවස්ථාවේ ඇයගේ දස වසරක සේවාව ඇගයීමට පත් කරන අතර තානාපති කාර්යාලයේ සාතිශය ශෝකය අයගේ පවුලේ සාමාජිකයන් වෙත පුද කරනු කැමැත්තෙමු”
යනුවෙන්ද ඊශ්‍රායල් තනාපති ගේ නිවේදනය සඳහන් වේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *