හදිසි නීතිය යටතේ හඳුන්නෙත්ති අත්අඩංගුවට ගන්න.

කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති .

බොරු ප්‍රචාර සිදුකරන දේශපාලඥයින්ට එරෙහිව හදිසි නීතිය යටතේ ක්‍රියාමාර්ග ගත යුතු බව පැවසූ උන්වහන්සේ, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් බොරු ප්‍රචාර සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවත් ඒ අනුව වහාම සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගතයුතු යයි පැවසූහ .

රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්වය සහ ඇතැම් දේශපාලඥයින් විසින් මාධ්‍ය වෙත මුදා හරින ලද සාවද්‍ය තොරතුරු හේතුවෙන් ජනතාවට සිදුව ඇති හානිය පිළිබඳව උන්වහන්සේ විවේචනය කළා.

මඩකලපුවේදී විශාල ජල කඳක් මල්වතු ඔයට පැමිණෙන බවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කළ ප්‍රකාශය, මිනිසුන් නොමඟ යැවීමක් ලෙස උන්වහන්සේ අවධාරණය කළහ.

ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නීති විද්‍යා සහ ලිංගික අධ්‍යාපනය වැනි නව විෂයන් හඳුන්වා දීමට පෙර, පාර්ලිමේන්තුවේ සිටින අයට කතා කිරීමට පුරුදු කරන ලෙසත්, භූගෝලීය දැනුම ලබා දෙන ලෙසත් මිහින්තලේ හිමියෝ පැවසූහ .