මින්නේරිය වැවේ කටුකැලියාව ප්‍රදේශයේදී හක්ක පටස් ආහාරයට ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ වන අලියෙකු ඊයේ (06) මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මේ දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වල් ඌරන් ඉලක්ක කර ජලය පානය කිරීමට පැමිණෙන හක්ක පට යොදා සතුන් මරා මස් අලෙවි කරන පුද්ගලයින්ගේ ගොදුරක් බවට මෙම අලියා පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන අඩි 7ක් පමණ උසැති පිරිමි සතෙකි. මින්නේරිය වැවේ කටුකැලියාව ප්‍රදේශයේ දින කිහිපයක් ජීවිතයත් මරණයත් අතර පොරබදමින් සිටි අලියා ඊයේ (06) සවස මිය ගිය බව ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට දන්වා ඇත.