සමගි ජන බලවේගයට එරෙහිව පොල් ගසන්නැයි ආණ්ඩුවේ පිරිස් වතුකරයේ ජනතාවට පොල් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සඳහන් කරයි . හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පළ කළේය
වතුකරයේ කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට මෙසේ පොල් ගැසීමට උපදෙස් දී ඇති බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් වතුකම්කරු වැටුප ජනවාරි මාසයේ වැඩි කළහොත් ගැටලුවක් නැති බවත් එසේ නොවුනහොත් ආණ්ඩුවට විරුද්ධ පොල් ගැසිල්ල ආරම්භ වනු ඇති බවත් ඔහු පැවසීය.
වතුකරයේ ජනතාව සඳහා යෝජිත වැටුප් වර්ධකයෙන් රු 200 ක් රජය මගින් ගෙවිමට යෝජනා වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිළි කරා තිබුනි.