සෞදි අරාබියේ Saudi Aramco සමාගම අප්‍රේල් මාසයේදී ආසියානු කළාපය සඳහා ලබාදෙන බොරතෙල් සැපයුම සීමා කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . ඊට හේතුව මැදපෙරදිග කළාපයේ පවතින ගැටුම් හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන වෙළඳ ගනුදෙනුවලට බාධා එල්ල වීම බව එම මාධ්‍ය වාර්තා කරයි .
සෞදි අරාබිය පෙබරවාරි මාසයේදී දිනකට බොරතෙල් බැරල් මිලියන 7.108ක් අපනයනය කර ඇති අතර, මාර්තු මාසය වන විට එය දිනකට බැරල් මිලියන 4.355ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය් පවතින අවිනිස්චිත තත්ත්වය ඊට හේතු වී අති අතර විටෙන් විට එල්ල කරනා ඉරාන ඩ්‍රෝන සන මිසයිල් ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ බොරතෙල් අපනයනය සහ ඉන්ධන පිරිපහදු කටයුතු අඩාල වී ඇතිබව වාර්තා වේ .
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින අවදානම් තත්ත්වය මඟහැරීම සඳහා සෞදි අරාබිය යාන්බු වරාය හරහා සිදුකරන අපනයන ඉහළ නැංවීමට සෞදි අරාබිය උත්සාහ කරමින් සිටී.
මැදපෙරදිග පවතින මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ මෙන්ම ආසියානු කොටස් වෙළඳපොළ තුළද විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.