ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා ලබාදී ඇත්තේ තාවකාලික බලපත්‍ර බවත්, එකී බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි .
රූපවහිනී නාළිකාවක් විසින් එකී කොන්දේසි උල්ලංඝණය කළහොත් එය නිවැරදි කරනා ලෙස ලිපියක් යවීම සාමාන්‍ය සම්ප්රදාය වුවත් එවැනි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බවද අමාත්‍ය වරයා පැවසීය .
මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ ”සෞඛ්‍ය අඬහැරය -2025” සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවසීය.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ ලෙස පැවසීය.
“මේක සෙල්ලමක් නෙමෙයි. ඔබට වැඩ කරන්න සිදුවෙලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය, මේ අවකාශයේ තිබෙන සංඛ්‍යාත ආදි සියල්ලමත් එක්ක. අවශ්‍ය නම් සාදිරිස් ගුරුන්නාස්සේ අම්බලන්ගොඩ ඉදලා කොළඹට නාඩගම් පෙට්ටිය අරගෙන ආපු විදියට ප්රවෘත්ති වාර්තා කරන්න පුළුවන්. එහෙම ප්රවෘත්ති වාර්තා කරන්න බෑ. මේවා විහිළුවට හෝ සෙල්ලමට කරන වැඩ නෙවෙයි. මේක එහෙම විහිළුවක් හෝ සෙල්ලමක් විදියට ගන්න අපි සූදානමුත් නෑ.
අපේ රටේ මේ සියලු රූපවාහිනී නාලිකාවලට ලයිෂන් එක ලබාදීලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ ලයිසන් එක ලබාදීලා තිබෙන්නේ තාවකාලිකව. ඒ ලයිසන් එක දෙනකොට කොන්දේසි කිහිපයක් තිබෙනවා. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හානිදායක ප්රවෘත්ති ප්‍රචාරය කළොත් යළි කැදවීමේ බලයක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. ජාතික ආරක්ෂාව දාලා තියෙනවා. ජාතික ආර්ථික සම්බන්ධයෙන් කියනවා, මහජන සෞඛ්‍යත් කියනවා.
ඒ නිසා මෙතනින් එහාට කවුරුහරි මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් විකෘති සහගන ප්රවෘත්ති ප්‍රචාරය කළොත් දැනට අපි කරමින් ඉන්නේ ලියුමක් යවලා ඒක නිවැරදි කරන්න කියන එක විතරයි. අනිවාර්ය වශයෙන්ම මේ ලයිසන් එක ලබා දීමේදී දිලා තියෙන කොන්දේසි බලාත්මක කරනවා. එහෙම නැතුව රටක් ඉදිරියට යන්න බෑ. ඒක කරන්නට ඕනේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් විශ්වාසය රටේ ජනතාවගේ බිඳවැටුනොත් එතනින් එහාට මුකුත් කරන්නට බෑ.”