සී.අයි.ඩි ය අත් අඩංගුවට ගත් මෝටර් රථ කොමසාරිස් රිමාන්ඩ්

කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.