සිරිපා මළුව සහ අවටින් කසළ ටොන් 7000 ක් ඉවත් කරයි.

සමනොල සිරි හරිත වන්දනා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිරිපා මළුව හා ඒ අවට සහ හෙලේ තැන්පත්ව තිබු දිරන නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණයට පෙර ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු හා අනෙකුත් දෑ වර්ග කිරීම මෙ දිනවලදී මස්කෙලිය ප්‍රාදේශීය සභාව විසින් එම සභාවට අයත් නල්ලතන්නිය රිකාටන් කැලි කසල මධ්‍යස්ථානයේදි ප්‍රතිචක්‍රීකරණය කරනු ලබයි.

එම ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් එකතු කිරීමට පහලොස් දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් සේවා මුර චක්‍රයකට අනුව යොදවා තිබෙන අතර, වෙන් කරන ලද ප්ලාස්ටික් තොගය අදාල පුද්ගලික සමාගමිවලට අලෙවි කිරීමට නියමිතය.

සිරිපා මළුව හා ඒ අවට ප්‍රදේශය හා හෙලෙ තිබී එක්රැස් කර ගබඩා කර තිබූ අපද්‍රව්‍ය ශ්‍රී පාද මළුවට බර ඔසවාගෙන යන කම්කරුවන් විසින් නල්ලතන්නියට ගෙන එන ලද කිලෝ ප්‍රමාණය හත්දහසකට ආසන්න බවයි මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ නිළධාරියෙකු කියා සිටියේ.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ව්‍යාපෘතියක් ලෙස සිරිපා මළුව හා ඒ අවට ප්‍රදේශය මෙන්ම හෙලේ තැන්පත්ව තිබු දිරන නොදිරන අපද්‍රව්‍ය සමිපුර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමෙ වැඩසටහන නොවැම්බර් (25) දින සිට දෙසැම්බර් (07) දක්වා සිදු කෙරිණ.

මුල් අදියරට ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ භටයන් ඇතුළු සාමාන්‍ය සෙබලුන් ගෙන් සමන්විත 35 පිරිසක් එක්වු අතර, දෙවැනි අදියර සඳහා යුද හමුදා, පොලිස් හා ස්වෙචිජා කණ්ඩායමි නියෝජිතයෝ 150 ක් පමණ එක්ව ක්‍රියා කෙළේය.

ධාරානිපාත වර්ෂාව, තද සුළං වැනි අයහපත් කාලගුණය නිසා ඔවුන් ගේ රාජකාරියට බලවත් සේ බාධා එල්ල වුවද, මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට නුවරඑළිය දිසාපති කාර්යාලයේ සහය, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ සහය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසීන්ගේ සහය ලැබිණ.

(06) දින වන විට මළුව, මළුව ආශ්‍රිත හා හෙලෙන් රැස්කර ගත් දිරන නොදිරන අපද්‍රව්‍ය බෑග් සියල්ලම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නල්ලතන්නියට ගෙනවිත්, ඒවා ප්‍රතිචක්‍රිකරණය සඳහා මස්කෙලිය ප්‍රාදේශීය සභාවට බාර දී තිබෙ.

රංජිත් රාජපක්ෂ