සිංහල අවුරුද්දට විදුලි බල අර්බුදයක්.

දැනට ආනායනය කර ඇති තත්ත්වයෙන් බාල ගල් අඟුරු හේතුවෙන් මෙම වසරේ මැදභාගයේ විදුලිබල උත්පාදනයට බාධා විය හැකිබවත්. එමගින් විදුලි කප්පාදුවක් පවා ඇතිවිය හැකිබවත්, මහජන උපයෝගීතා කොමිසම පවසයි .

ඒ බව සඳහන් වන්නේ බාල ගල් අඟුරු තොග නිසා ඇතිවිය හැකි ප්‍රථිඵල සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවකය . එම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේ යටිතළ පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත්කරනා ලදි .

ට්‍රයිඩන්ට් චෙම්ෆාර් ලිමිටඩ් නම් ආයතනය සපයා අති ගල් අඟුරු තොග 9 ක් හේතුවෙන් ලක්විජය බලාගාරයේ ඇතිවී තිබෙනා ගැටළු සහ ඒ හේතුවෙන් ඇතිවිය හැකි මූල්‍ සහ පාරිසරික බලපෑම වැනි කරුණු ගැන අවධානය යොමුකරමින් මහජන උපයෝගීතා කොමිසම මෙම වාර්තාව සකසා ඇත