සාරා ජැස්මින් මිය ගොස් නැතිබව ආණ්ඩුවෙන් ප්‍රකශයක්

සයින්දුමරන්දු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බව පැවසුන, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකාරියක්වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් මියගොස් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් ඇය ඉන්දියවේ ජීවත්වන බවට කිසිදු තොරතුරක් ලැබී නැති බවද ඔහු වැඩි දුරටත් පැවසීය .

“පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. එකතු කරන ලද තොරතුරු මත පදනම්ව, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය පියවර ආරම්භ කර තිබෙනවා. ප්‍රහාර පිටුපස කුමන්ත්‍රණයක් තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වනවා. එය ගැඹුරු පරීක්ෂණයක්.” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය .

2019 පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමරුදු හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බවට අනුමාන කරන ලද සාරා ජැස්මින් සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මෙම ප්‍රකාශය කළේය.