සරසවිගම නායයාමෙන් මියගිය ගණන 23 ක් .

අයහපත් කාලගුණයත් සමග ඉකුත් සිකුරාදා (28) පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 23 දෙනෙකුට ආසන්න බව ප්‍රදේශවාසීහු පවසති .

මේ වනවිට මළ සිරුරු 14 ක් සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි . එම නායයෑමෙන් නිවාස 10ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ඒ අනුව මරණ සංඛ්‍යාව අපේක්ෂා කරනවාට වඩා වැඩි විය හැකිබව සහන සේවකයෝ පවසති .