සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් මියයයි

පසුගිය දා උපත ලැබූ සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු අද (18) රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගොස් ඇත.

මෙලෙස එක් පිරිමි දරුවකු මියයෑම පිළිබඳව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය තහවුරු කරන ලදී.

“කාසල් රෝහලේ සය නිවුන් දරු උපතෙන් පසුව එක් දරුවකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ නිසා රිච්වේ ආර්යා ළමා රෝහලට 15 වනදා ඇතුළත් ඇතුළත් කලා.
දරුවාගේ බර 620 g තිබුනා. ඒ අවස්ථාවේ සිටම ළදරුවන් රැකබලා ගන්නා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර කලා”

“මෙම දරුවා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිටම ශ්වසන යන්ත්‍ර මගින් තමයි ප්‍රතිකාර කළේ. විශේෂඥ වෛද්‍යවරු විශාල උත්සාහයක් ගත්තා දරුවා ජීවත් කරවන්න. දරුවා මිය යෑමෙන් පසුව සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වුණා දරුවාගේ පෙනහලු වලට රුධිර ගලනයක් සිදු වූ නිසා මරණය සිදුවී ඇති බව. නොමේරූ දරුවෙකු සඳහා ඇති විය හැකි අපහසුතා බොහොමයි. පෙනහලු සහ ඉන්ද්‍රියන් වර්ධනය වී නැති නිසා මෙවැනි මරණ සිදුවිය හැකියි.

යනුවෙන් වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *