සමලිංගික නැමියාවක් හදන්න ආණ්ඩුවට ඕනෑ නෑ.

විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි වන්නේ එකී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් ඔවුනගේ පැරණි දේශපාලනය යළි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නිසා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි .

මීට පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සමග අධ්‍යාපනය විකිණිම පුද්ගලිකරණය වැනි වචන කරලියට පැමිණෙන බව පැවසු ඔහු වර්ථමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සජිත් ප්‍රේමදාස විසින් නව වචනයක් සොයා දී ඇති බව පැවසීය .

සජිත් ප්‍රේමදාස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අසභ්‍යකරණ යන වචනය හදුන්වා දෙන විට විමල් විරවංශ එය ග්‍රාම්‍ය භාෂාවෙන් සඳහන් කරනා බව ඔහු පැවසීය .

6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයේ දරුවන්ට යහලුවෙකු සොයා ගැනිම සඳහා වන පාඩමක දැමු සබැඳියාව ගැටළුවක් වී ඇතිබවත්, එය වඟකිම් විරහිත ක්‍රියාවක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .

මේ සම්බන්ධයෙන් වු විනය ක්‍රියාමාර්ග ගැනිම ජාතික අධ්‍යාපන ආයතනය සතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එකම තැනක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් සඳහ්න් වීම නිසා සියලු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම අසභ්‍යකරණය ලෙස පැවසිම නුසුදුසු බවද පෙන්වා දුන්නේය .

ආණ්ඩුවට කිසිදු ආකාරයේ සමලිංගික නැමියාවක් ඇතිකිරිමේ වුවමනාවක් නොමැති බවත්, එලෙස සිදු කිරිමේ වුමනාවක් පැවතියෙනම් එම වෙබ් සබැඳිය එක් ස්ථානයක පමණක් සඳහන් කරන්නේ නැතිබවද පැවසීය .