සමගි ජන බලවේගය දෙදරයි. සජිත් අතහැර සුළු පක්ෂ රනිල් සමග එක්වීමට සැරසේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියේදී තමා කිසිම සන්ධාන දේශපාලනයක නොයෙදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීමත් සමග සමගි ජන බලවේගයේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය තුළ බරපතල බෙදීමක් ඇතිව තිබෙනා බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

සමගි ජන සන්ධානය නියෝජනය කරනා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) ඇතුළු සුළු පක්ෂ නියෝජිතයන් විපක්ෂ නායකයාගෙ ප්‍රකශය සනග බරපතල කළකිටීමකට ලක්ව සිටී . එම පක්ෂ නායකයන් ඉදිරි මැතිවරණ ඉලක්ක කර පුළුල් එක්සත් ජාතික පක්ෂය සනග දේශපාලන සන්ධානයක් බිහිකිටීමේ සාකච්චා ආරම්භ කිරීමට සූදානමින් පසුවිය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සැළකිවයුතු පිරිසක්ද එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමට එකඟත්වය පලකර ඇත. ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයට මුහුණ දීම සඳහා සමගි ජන බලවේගය සහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩ නගාගතයුතු බව බහුතරයක් විශ්වස කරනා බව ස.ජ.බ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි .

ඒ ආකාරයේ සන්ධානයකින් තොරව පොදුජන පෙරමුණට සහ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගයට පරාජය කිරීම අසීරු බව සුළු පක්ස නායකයන් විපක්ෂ නායකයාට පෙන්වාදී ඇතත් ඔහු ඒ බව නොතකා තම තනි මතයට අනුව පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිටීමට යාම නිසා විපක්ෂයේ නව දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තාවේ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ඇතිවෙන්නේනම් ඊට සහ දීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් ගණනාවක් දැනටනත් එකඟතාවය පලකර ඇත.