සජීන් වාස් රිමාන්ඩ් .

රුපියල් මිලියන 243.8 ක මුදලක් නීතිවිරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ වැලක්වීමේ කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ වත්කම් ඉපැයීමේ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත .

අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදි .