සජිත්ගේ සිහින බොඳකර ඩලස් ජනාධිපතිවරණයට

මීළඟ ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතිබව එම සභාව පවසයි.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම ජනපති කිරීමට කැමති ඕනෑම පාර්ශවයක් සමග සන්ධානගත වීමට නිදහස ජනතා සභාව සූදානමින් සිටිනා බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ පුළුල් සාකච්චාවක් ගොඩනගනා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මාධ්‍යට පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමෙන්තුවේ පැවති ඡන්ද විමසීමටද ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වූ නමුත් ඔහු ඉන් දරුණු පරාජයක් ලැබීය.

කෙසේ වෙතත් එලබෙන ජනාධිපතිවරණයේදී නිදහස ජනතා සභාවේ සහය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම තීරණයත් සමග බරපතල අර්බුදයකට ලක්වෙමින් සිටිනා බව ස.ජ.බ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *