සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් සිදු කරයි. මෙරට ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා එම නිළධාරීන් කටයුතු කර ඇතිබව ඔහු පවසයි .
විවිධ අවස්ථාවල මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවායැයි පැවසුව ද මේ වනවිට ඉන් 5,000ක් පමණ ඉවත්ව ඇති බවත් මේ වනවිට 17,000ක් පමණ ගුරු හිඟය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.
වත්මන් රජය විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගන්නවායැයි පොරොන්දුවී ඇතිබව ඔහු සිහිකරයි.
සමථකරණ යෝජනාවක් අනුව මොවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පශ්චාත් උපාධිය සමත් වීම හරහා ගුරුවරුන් ලෙස ස්ථිරවීමට හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙයි .