සංචාරකයන් පැමිණීම ඉහළ යයි .

ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 46,868ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා. එම අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළ දී ඉන්දියානු සංචාරකයින් 14,221ක් පැමිණ ඇති අතර එය 30.3% ක්.

තවද, එක්සත් රාජධානියෙන් 3,171ක්, ජර්මන් 2,652ක්, චීනයෙන් 4,416ක් සහ බංග්ලාදේශය ජාතිකයින් 2,158ක් ද ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත .

2025 වසරේ ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 09 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,772,362කි.