ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම් දීමක්

මෙවර 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ සඳහා වන විභාග අපේක්ෂක ලේඛනය තැපෑල හරහා මේ වන විටත් විදුහල්පතිවරුන්ට යොමුකර ඇති බවත්, එම ලේඛන නොලැබුණු විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවත්, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයට අදාල සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන එකොළොස් වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති අතර, අදාල තළ තහනම කඩකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනි ඉරිදා මධ්‍යස්ථාන 2888ක දී පැවැත්වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *