ශ්‍රී ලාංකිකයන් 3575 දෙනෙක් රැකියා සඳහා ඊශ්‍රායල් ගිහින් .

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු නොවැම්බර් මස 18 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගිය අතර, ඔවුන් වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

එසේම තවත් 152 දෙනෙකු නොවැම්බර් මාසය තුළදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින අතර, තවත් 464 දෙනෙකු දෙසැම්බර් මාසය මුල් සතිය තුළදී ඊශ්‍රායලයට යාමට සූදානමින් සිටී.

මෙම පිරිසට අමතරව තවත් 252 දෙනෙකු මෙම වර්ෂය තුළදී පිටත්ව ගොස් ඇති අතර, තවත් 34 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව යාමට සූදානමින් සිටිනා බව විදේශ සේව නියුක්ති කාර්යංශ ආරංචි මාර්ග පවසයි . එම පිරිසට ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ඇති රැකියා උප ක්ෂේත්‍රයක් වන යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා හිමිව ඇති බව සඳහන් වේ.

ඊශ්‍රායල් රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට හිමිකර ගැනීම සඳහා හිටපු අමාත්‍ය මනුෂ නානායකකර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සෘජු මැදිහත් වීමක් කරනා ලදි . විශේෂයෙන්ම හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග, ඊශ්‍රායලයේ රැඳී සිටි අරාබි සහ වෙනත් ඉස්ලාමීය රටවල ශ්‍රමිකයන් විශාල පිරිසක් පෙරලා තම රටවලට යාම නිසා එරට විශාල රැකියා ප්‍රමාණයක් බිහිවිය. එකී රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් මෙරටට ලබාගැනිමට හිටපු අමාත්‍යවරයා උත්සහ ගත්තේය . ඒ අනූව ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකට ඊශ්‍රායල් රැකියා අවස්ථ හිමිවිය .

වර්තමානයේදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් අතරින් ශ්‍රි ලංකාවට වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ඊශ්‍රායලයේ සිටිනා ශ්‍රී ලාංකිකයන් විසින් එවනා බව මහබැංකු වාර්තා මගින් තහවුරුව ඇත .

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වර්ෂයේ ගතවූ කාලය තුළදී ශ්‍රි ලාංකිකයින් 3,575දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.