ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරග සටහන ප්‍රකාශයට පත් වෙයි.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම තරගාවලියේදී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ද, විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිත අතර සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තරග කාලසටහන පහතින්.