ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත පිල පරදා පාකිස්ථානය කඩුළු 9 කින් ජයගනී.

ශ්‍රවණාබාධිත 20 -20 ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලියේ ඩුබායීහීදී ඊයේ පැවති තරගයේදී ප්‍රබල පාකිස්ථාන පිල හමුවේ කඩුළු 9 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.

ප්‍රථමව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා පිල ඕවර 19 .2 කදී සියල්ල දවි ලකුණු 129 ක්ලබා ගන්නා ලදි. නායක ගිමන්දු මැලකම් ලකුණු 45, ධර්මශීලන් බාලක්‍රිෂ්නන් 23, පන්දු යවීමේදී මන්සුර් ඛාන් ලකුණු 21 ට කඩුළු 4 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථාන ශ්‍රවණාබාධිත කණ්ඩායම ඕවර 14 ක් තුළ එක කඩුල්ලක් දවී ලකුණු 131 ක් ලබා තරගයේ ජය ලබාගන්න ලදි . අහමඩ් කුරාශී නොදැවී ලකුණු 75 ක් ලබා දස්කම් දැක්වීය. පන්දු යවීමෙදී සුමුදු ලංකා ලකුණු 18 කට කඩුළු 1 යි.