ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිල ඕස්ට්‍රේලියාව කඩුළු 6 කින් පරදවයි.

ලෝක ශ්‍රවණාබාධිත 20 – 20 ක්‍රිකට් ශූරතාවය මේ දිනවල ඩුබායි හී පැවැත්වෙයි.
එම තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිල සුවිශේෂී දස්කම් දක්වමින් ඊයේ දිනයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල පරාජය කරමින් කඩුළු 6 ක ජයක් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා නායක ගිමන්දු මැල්කම් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පත්විය.

තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිල සිය ඕවර 20 තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 131 ක් ලබා ගැනීමට සමත් විය . නායක මිලින්ග් ඩේවිඩ් ලකුණු 34 ලබා ගන්න ලදි . පන්දු යවීමේදී නායක ගිමන්දු මැල්කම් ලකුණු 13 කට කඩුළු 2 ලබා ගන්න ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 17.3 කදී කඩුළු 4 ක් දැවී ලකුණු 135 ලබා තරගයේ ජය ලබාගන්න ලදි. දිනුක සචීන් 43, ගිමන්දු මැල්කම් 33, පන්දු යවීමේදී බ්ලයිට් මිචෙල් ලකුණු 32 ට කඩුළු 2 යි.

ගිමන්දු මැල්කම් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා