”ශ්‍රී ලංකා මුහුදේදී ඉරාන යුධ නැව ගිල්වා දමූවේ අපියි .” ඇමරිකානු ආරක්ෂන ලේකම් කියයි .

ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් ඇමරිකානු සබ්මැරීනයක් මගින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පිළිගත් බව ද ගාඩියන් වෙබ් අඩවිය පවසයි .

” ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ යාත්‍රා කරාමින් තිබු ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් ඇමරිකානු සබ්මැරීනයකින් එල්ලකළ ටොපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූවා . දෙවන ලෝක යුද්ධයට පසු ටොපිඩෝ ප්‍රහාරයකින් නෞකාවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව මෙයයි . ඉරානය සමග ඇතිවූ යුද්ධයේදී මැදපෙරදිගි පිටතදි සිදු කළ පළමු පහර දීම මෙයයි” යනුවෙන් ආරක්ෂක ලේකම් පීට් ගෙසෙත් පවසා ඇත .

ශ්‍රී ලංකා වෙරළට ආසන්නව යාත්‍රා කරමින් සිටියදී එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගෙන් 80 දෙනෙකුගේ පමණ මළසිරුරු ශ්‍රි ලංකා නාවික කමුදාව විසින් සොයාගෙන ඇත. තව දුරටත් මෙහෙයුම් සිදු වෙයි .