ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට අයර්ලන්තය, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති අතර එම ටෙස්ට් තරඟ අටෙන් හයක් ජයගෙන ඇති අතර, පරාජයන් දෙකෙන් එකක් පසුගිය වසරේ පාකිස්තානය සමග පැවති තරගාවලියේදී වාර්තා විය.
දිමුත් කරුණාරත්න පසුගියදා අවසන් වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේ අබාධයකට ලක්වීම හමුවේ තවමත් සුවය ලබමින් පසුවන බව වාර්තා වේ.
තරගය ආරම්භයට පෙර ඔහුට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවට ද වාර්තා වේ.
අද තරගාවලියේ ක්‍රීඩක සංචිතය ලෙස,
ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් විශාන් ජයවික්‍රම, ඩී. ප්‍රනාන්දු, ලක්ෂිත මානසිංහ
පකිස්ථානය:බබාර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අමීර් ජමාල්, අබ්දුල්ලා ෂෆීක්, අබ්රාර් අහමඩ්, හසන් අලි, ඉමාම් උල් හක්, මොහොමඩ් හුරෙයිරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලි, සල්මන් අලි ආගා, සර්ෆරාස් අහමඩ්, සවුද් ශකීල් , ෂහීන් අෆ්රිඩි, ෂාන් මසූඩ්