ශ්‍රී ලංකාවේ වසර 70ක් සම්පූර්ණ කළ එකම මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පුවත්පත් සංගමයේ 70 වන සංවත්සර සැමරුම සහ ඩී.එෆ්. කාරියකරවන මාධ්‍ය උපහාර උළෙල හෙට ( 26 ) සවස 7 ට කොළඹ හිල්ටන් හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගී වන අතර, මෙම වසරේ අනුස්මරණ උත්සවය ආරාධිත අමුත්තන්ට පමණක් සීමා වේ.
මෙම වසරේ උත්සවයේ විශේෂත්වයක් වන්නේ, පෙර වසරවල මෙන්, මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් විවිධ ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සහ ජ්‍යෙෂ්ඨයින් 10 දෙනෙකු මූල්‍ය පරිත්‍යාග වලින් සහ සම්මානයකින් ගෞරව කිරීමයි.
ඒ අනුව විශ්‍රාමික හිටපු මහාචාර්ය අනුර වික්‍රමසිංහ , රොස්මන්ඩ් සේනාරත්න, සිරි රණසිංහ, ඉඳුනිල් කහවිට අමරසේකර , මනික් ද සිල්වා ,ඩී ඔලිවර් සිල්වා, දයා ද අල්විස් , මොහොමඩ් අබුබකර් ෆකුරුදීන්,ලාල් හැගොඩ, රාෂයියා සෙල්වරජා යන මහත්ම මහත්මින් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබිමට නියමිතයි.
