ශ්‍රී ලංකා නාවික හමුදාවට අවුරුදු 75 යි.

නාවික හමුදාව අද සිය 75 වැනි සංවත්සරය සමරයි. මෙම සැමරුමට සමගාමීව කොළඹ කොටුවේ පිහිටි නාවික හමුදා මුලස්ථානය අකුරේගොඩ ආරක්ෂක මුලස්ථාන පරිශ්‍රයේ ස්ථානගත කරනු ඇත.

ඒ අනුව මින් ඉදිරියට අකුරේගොඩ පරිශ්‍රය ආරක්ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාවන්ගේ මුලස්ථානය ලෙස ක්‍රියාත්මක වනු ඇත.

අදින් පසු පැරණි නාවික හමුදා මුලස්ථාන පරිශ්‍රය නාවික සම්බන්ධිකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය.