ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරඟය අවලංගු කෙරේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (28) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය, නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් අවලංගුකර තිබෙන බව වාර්තා වේ.

තරගය ක්‍රයිස්ට්චර්ච්හීදී දී පැවැත්වීමට නියමිතව තිබූ අතර තරගාවලියේ තෙවැනි තරගය හැමිල්ටන් හීදී සිකුරාදා පැවැත්වෙයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී ලකුණු 198කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *