හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වී තිබේ . මිය යනවිට ඒ මහතා 64 වන වියේ පසුවු ඔහු ගාල්ල් මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි අතර පසුව ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කළේය .
1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ජයනන්ද වර්ණවීර වසර 8 කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කරනා ලදි
පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වූ වර්ණවීර ඔහුටම ආවේනික ශෛලයකින් ඕෆ් කටර්ස් පන්දු යවීමේ විශේෂ හැකියාවක් සහිත ක්‍රීඩකයෙකි . 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 6ක් බිඳහෙළා තිබුණා. පසුව ඔහු ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තනතිල්ල භාරකරු ලෙස කටයුතු කළේය .