දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ සහ විධායක කමිටුවේ මඟපෙන්වීම යටතේ මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා සිටියේ, මෙම තීරණය මගින් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ආදරය කරන ක්‍රීඩාවක් නියෝජනය කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සිය වගකීම පිළිබිඹු කරන බවය.