ශ්‍රී ලංකාව ක්‍රිකට් තහනමක් අබියස. අර්බුදය ලිහන්න අලි සබ්‍රී, මනූෂ, ඇතුළු කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත්කර ඇති අතුරු පාලක මණ්ඩළය පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත්ව සිට නැති බව වාර්තා වේ .

ක්‍රිකට් පාලක මණ්ඩළය අහෝසි කරමින් ඊයේ නිකුත් කර ඇති ගැසට්ටුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනගෙන ඇත්තේද මාධ්‍ය මගින් බවත්, එබැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට, කැබිනට් අනුකමිටුවක් පත් කිරීමටත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩළය රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

ඇමති අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවට ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, කංචන විජේසේකර ඇමතිවරුන් ඇතුලත්ය.

ජාත්‍යන්තර ක්‍රීඩා පාලන නීති රීති වලට අනුව ක්‍රිඩාව සඳහා දේශපාලාන මැදිහත්වීම්වලට ඉඩ ලබා දෙන්නේ නැත. ඒ ආකාරයෙන් යම් දේශපාලන මැදිහත්වීමක් ක්‍රීඩාවට සිදු කරයිනම් එවැනි අවස්තාවල ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් කටයුතු කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාවට රගර් සහ පාපන්දු ක්‍රීඩා සඳහා තහනම් පැනවූයේ මේ ආකාරයේ මැදිහත් වීම් නිසාය. එබවින් ක්‍රිකට් සඳහා දේශපාලනිකව මැදිහත් නොවනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට කැබිනට් මණ්ඩලය තුළදී අවවාද කර තිබුනි. සමනළ වැව ජලය මුදාහැරීමේ සිද්ධියේදීද අමාත්‍ය රොෂාන් රණසිංහ රජයේ ක්‍රියා කළාපය විවේචනය කළේය

ශ්‍රී ලංකාවේ රජය සහ ක්‍රිකට් පාලක මණ්ඩළය අතර ගොඩ නැගෙමින් පවතින අර්බුදය වහා විසඳාගත යුතු බවත්ම් නොඑසේනම් 2024 වසරේ අයි.සී.සී සමුළුව සහ තරගාවලි ශ්‍රී ලංකාවට අහිමිවිය හැකි බවත් අයි.සී.සී ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මීට දින කිහිපයකට පෙර ලිඛිතව දන්වා ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන අර්ජුන රණතුංග ක්‍රී ඩා අමාත්‍යවරයාට බලපෑම් කරමින් අතුරුපාලක මණ්ඩලයේ සභාපති ධූරයට පත්ව ඇතිබවත්, ඔහුට ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වීමට නොහැකි වූ නිසා මේ ආකාරයේ දේශපාලන මැදිහත්වීමකින් සභාඔඅති ධූරය ලබාගෙන ඇතිබවත් ක්‍රීඩා විචාරකයෝ පවසති.

නව අතුරු කමිටුවට පත්වකර ඇති නීතීඥ රඛිත රාජපක්ෂ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුතා බවත්, හිෂාම් ජමල්ඩීන් දේශපාලනඥයෙක් වන මුසාමීල්ගේ ඥාතියෙක් බවත්, ඔහු රගර් ක්‍රීඩාකලද ක්‍රිකට් ක්‍රීඩා කර නැතිබවත් වාර්තාවේ . මෙම තත්ත්වය අනුව නව අතුරු පාලක කමිටුව දේශපාලනිකව පත් කළ එකක්ය යන චෝදනාව බැහැර කළ නොහැකි බවත් ඕවුහු පෙන්වා දෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *