ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, (නොවැම්බර් 14) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.
ඇමරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ගරු Julie Chung මැතිනිය සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල් ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ජෙනරල් Trenton Gibson අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කරයි.