ශ්‍රී ලංකාවේ සියළු දේශපාලන පක්ෂ I.M.F ගිවිසුම පිළිගත යුතුයි.

ශ්‍රි ලංකවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන ඇතුළුව සියළු ප්‍රධාන පක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුම පිළිගැනීමට අවශ්‍ය බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් අවධාරණය කරයි .

ඩේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසනුයේ ආණ්ඩුව IMF ගනුදෙනුවකට එළඹිම සහ එම ගනුදෙනුවේ අනාගතය කුමක්ද යන්න මෙහි විවාදාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇතිබවය .

“ ශ්‍රි ලංකාවෙ මැතිවරණයක් ලංවන විට මෙම ගනුදෙනුව අවශ්‍ය නොවන බව පවසන අපේක්ෂකයින් සිටින බව මට විශ්වාසයි. නැතහොත් නැවත සාකච්ඡා කිරීම හෝ ඔවුන්ට වෙනත් මාර්ගයක් ඇති බව ඔවුන් කියනු ඇත, ” .

මම ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙක් නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගෙන ගැටළුව විසඳිය හැකිබව මට දේශපාලනඥයෙක් කිවහොත් ඒ ප්‍රකාශය ගැන් මා ඉතා මම හොඳින් සිතා බලමි.” ඔහු පැවසීය.

එක්සත් රාජධානිය IMF හි ප්‍රධාන සාමාජිකයෙක් වන අතරම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කරන පැරිස් සමාජයේ මුල්පෙළේ සමාජිකයෙකි සාමාජිකයෙකි.