ශ්‍රී ලංකාවේ සහල් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් හෙලිකොප්ටර් ගන්න සිංගප්පුරුවට ගිහින් .

පසුගිය දා නිමාවුන සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට සහභාගී වූවන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වන අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන සහ රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂවර යන දෙදෙනාද වූ බව ඒවියේෂන් වොයිස් වෙබ් අඩවිය වාර්තා කරයි .

මෙවැනි ප්‍රදර්ශන සඳහා සහභාගී වීම සඳහා ආරාධනා කරනා බවත්, ඒ අනුව මෙවර ප්‍රදර්ශනය සදහා එම දෙපොළටම ආරාධානා ලැබී ඇතැයි තමන් විශ්වාස කරනා බවත් එම වෙබ් අඩවිය වෙනුවෙන් එම ප්‍රදර්ශණයට සහභාගී වූ දේව් කෝසල සමරජීව පැවසීය .

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඇමරිකාවේ නිපදවන ”බෙල් 505 ජෙට් රේන්ජර්” වර්ගයේ හෙලිකොප්ටරයක් මිලට ගැනීම සඳහා සාකච්චා පැවැත්වූ බවත් එම වෙබ් අඩවිය සඳහන් කරයි . 2014 වර්ෂයේ නිපදවූ එම හෙලිකොප්ටර්ය ඩොලර් මිලියන 2.2 (රුපියල් ලක්ෂ 6500) කට ආසන්න මිලක් වන බවත් වාර්තා වේ.

ව්‍යවසායක මිත්‍රපාල ලංකේෂ්වර සතුව දැනටත් රත්න ඒවියේෂන් නමින් ගුවන් සේවාවක් ඇති අතර රොබින්සන් R66 වර්ගයේ හෙලිකොප්ටරයකින් ඔවුන් සිය සේවා මෙහෙයවයි .