ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණය

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ එම දරුවන්ගේ උස හා බර නිසි ලෙස වර්ධනය වී නැති බවයි.

රට තුළ මන්දපෝෂණ තත්ත්වය දිගු කලක් තිස්සේ නොවිසඳී ඇති බව මන්දපෝෂණ තත්ත්ව විෂමතා මගින් පෙන්නුම් කරන බවද වාර්තාවේ සඳහන් කර ඇත. වතු අංශයේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 29%ක් අඩු බර සහිත දරුවන් බවත් එම වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *