මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාවය හේතුවෙන් මෙරට පවතින යූරියා පොහොර සංචිත සීමා වී ඇති බව වාර්තා වේ . ඒ අනුව පවතින යූරියා තොග වී වගාව සඳහා පමණක් මුදා හැරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත .
ඒ අනුව මෙවර යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන අමිශ්‍ර යූරියා පොහොර නිකුත් කිරීම රජයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇත. මෙම නව වැඩපිළිවෙළ ක්රියාත්මකවාන ආකාරය ගැන දිවයින පුරා සිටින සියලුම ගොවිජන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මෙහිදී එක් එක් ගොවියා වගා කරනු ලබන කුඹුරු ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් අවශ්‍යම ප්‍රමාණය පමණක් ලබා දීමට උපදෙස් දී ඇති අතර, කන්න රැස්වීම්වල තීරණ සහ වී වගා කරන බවට කෙරෙන තහවුරු කිරීම් මත පමණක් පොහොර නිකුත් කිරීම සිදු කෙරේ.