ශ්‍රී ලංකාවේ ඉන්දියන් රුපියල භාවිත කිරිම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිත වීම සම්බන්ධය්ව මහජනතාව අතර සංසරණය වන අර්ථකථන නිවැරදි නොවනා බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1979 මැයි මස සිට වරින් වර නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් හඳුනාගෙන ඇත. 2022 අගෝස්තු මාසයේ දී අලුතෙන් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූ ඉන්දියානු රුපියල ඇතුළු ව, බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16ක් අනුමත වී ඇති අතර, ඒවා පහත පරිදි වේ.

නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලැයිස්තුව

ඕස්ට්‍රේලියානු ඩොලර්
කැනේඩියානු ඩොලර්
චීන රෙන්මින්බි
ඩෙනිෂ් ක්‍රෝනර්
යූරෝ
හොංකොං ඩොලර්
ඉන්දියානු රුපියල්
ජපන් යෙන්
නවසීලන්ත ඩොලර්
නෝර්වීජියානු ක්‍රෝනර්
ස්ටර්ලිං පවුම්
සිංගප්පූරු ඩොලර්
ස්විඩිෂ් ක්‍රෝනර්
ස්විස් ෆ්‍රෑන්ක්
තායි බාත්
ඇමරිකානු එක්සත් ජනපද ඩොලර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *