ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධනය ගැන මූඩීස් වෙතින් අනතුරු ඇඟවීමක් .

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් (Moody’s) මෑතකදී නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට නිවැරදි මඟක ගමන් කරනා බවය . එහෙත් ඊට බාධා එල්ල කරන සාධක කිහිපයක් පවතින බව එම වර්තාව වැඩි දුරටත් සඳහන් කරයි .

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අදාලව වැඩි දුරටත් කරුණු දක්වන එම වාර්තාව රටේ ඉහළ ණය බර, මූල්‍ය අවකාශයේ සීමිත බව සහ අඛණ්ඩව විදේශ මූල්‍ය ආධාර මත යැපීමට සිදුවීම ආර්ථික වර්ධනයට බලපාන ප්‍රධාන අවදානම් සාධක ලෙස දක්වා ඇත .කෙසේ වෙතත්, මූඩිස් ආයතනය පවසන්නේ, මූල්‍ය ප්‍රතිසංස්කරණ, සංචාරක කර්මාන්තයේ ශක්තිමත් ආදායම් සහ විදේශ ප්‍රේෂණවල වර්ධනය හේතුවෙන් ආර්ථිකය යළි නඟා සිටුවීමේ ගමනට සැලකිය යුතු තල්ලුවක් ලැබී ඇති බවය . ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ඔවුන් සිදු කළ කලින් කලට කරන ලද සමාලෝචනයකින් පසුව මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.