ශ්‍රී ලංකන් ගුවන් සේවයට කරනා දේ ජනාධිපති අයවැයෙදී හෙළිකරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය . එහි ඩොලර් මිලියන 210ක ණය කොටස මෙම වසරේදී ප්‍රතිව්‍යුහගත කරන බව ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ 2026 වසර සඳහා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි .

ආර්ථික වර්ධන වේගය ගන සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරියේදී සියයට හතක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසීය . මෙම වසර අවසානයේ විදේශ සංචිතය ඩොලර් බිලියන හතකට ගෙන ඒමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.