ශ්‍රි ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට නායකයන් තිදෙනෙක් පත් කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ බරපතල වෙනස්කම් කිහිපයක් කිරිමට උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කාර ඇතිබව වාර්තාවේ. එ අනුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ T20 කණ්ඩායම්වල සදහා නව නායකයන් තිදෙනක් නම්කර ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කර ඇති අතර ඔහුගේ උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කර ඇත .

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරන අතර උපනායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.

විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට වනිඳු හසරංග පත්කිරීමට නියමිත අතර උපනායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබේ.

මෙම නව පත්කි‍රිම් පිළිබඳ අවසන් තීරණය හෙට දිනය තුළදී ගැනීමට නියමිතය. ඒ අනුව එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් අවසන් තීරණ ලබන හෙට දිනයේ පැවැත්වීමට නියමිත මීළඟ තේරීම් කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ..