ශ්‍රි ලංකාවේ ණය තිරසර භාවය ගැන සාකච්චාවක් මොරොක්කෝවේදී පැවැත්වෙයි

ජාතයන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික රැසවීම්වලට සමගාමීව, ”ශ්‍රී ලංකාව : ණය තිරසරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත් කරගැනීමේ මාර්ග” යන මාතෘකාව යටතේ වැඩසටහනක් අද (13) මොරොක්කෝවේ මරකේෂ් නුවරදී පැවැත්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධාන මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදා ගැනීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රමුඛතා දෙකක් පිළිබඳව මෙම වැඩසටහනේදී අවධානය යොමුකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

“දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය” හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධානයන් එක්ව සම්පාදනය රන ලද “ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබද සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව” සැප්තැම්බර් මැද භාගයේ දී ප්‍රකාශයට පත් කෙරුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්,වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂකයෙකු තියෝ මරෙට් යන මහත්ම මහත්මීහු මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *