‘ශ්‍රම වාසනා’ අරමුදලෙන් මහනුවර දරුවන් දහසකට පාසල් උපකරණ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ‘ශ්‍රම වාසනා’ අරමුදල මගින් මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන්ට පාසල් උපකරණ කට්ටල ලබා දීම අද (02) බෝගම්බර බන්ධනාගාර ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී ළමුන් දහසකට පාසල් උපකරණ සංකේතාත්මකව ප්‍රදානය කළ අතර ඉදිරියේදී දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම ළමුන් 500 බැගින් තෝරාගෙන පාසල් උපකරණ ප්‍රදානය කිරීමට නියමිතය.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, දිස්ත්‍රික් ලේකම්වරයා නියෝජනය කරමින් අතිරේක දිසාපතිවරුන්, ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ජයලත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්, අමාත්‍යාංශ කාර්ය මණ්ඩල උපදේශක ශාන් යහම්පත්, ‘ශ්‍රම වාසනා’ ප්‍රතිලාභී දරුදැරියන්ගේ පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු, දෙමව්පියෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

අනුරාධපුර, මොණරාගල, කෑගල්ල දිස්ත්‍රික්කවලින් අනතුරුව මහනුවරදී අද මෙම පාසල් කට්ටල ප්‍රදානය සිදු කෙරිණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!